<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        චීන ජනපති සහ සිංගප්පූරුවේ අගමැති අතර හමුවක්
        2023-03-31 19:46:03
        Share with:

        චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිංගප්පූරුවේ අගමැති Lee Hsien Loong මහතා හමු වෙයි. එම හමුව අද (31) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. 

        අග්නිදිග ආසියාතික රටවල් අතරින්, චීනයේ ප්‍රතිසංස්කරණය සහ විවෘතභාවයට ගැඹුරුම සහභාගීත්වය සහිත රට සිංගප්පූරුව බවත්, චීනයේ අවශ්‍යතාවලට වඩාත් සමීපව ඒකාබද්ධ වී තිබෙන රට සිංගප්පූරුව බවත් ෂී ජින් පිං මහතා එම හමුවේදී පෙන්වා දුන්නේය.  

        වර්තමානයේ විශාල ලෙස වෙනස් වන ජාත්‍යන්තර තත්ත්වය මධ්‍යයේ ආසියාවේ යහපත් සංවර්ධන ප්‍රවණතාව පවත්වා ගෙන යා යුතුය. ආර්ථික ගෝලීයකරණය සහ කලාපීය ආර්ථික ඒකාග්‍රතාවය ප්‍රවර්ධනය කළ යුතුය. අධිපතිවාදය සහ ලෝක සැපයුම් දාමය දෙකඩ කිරීමට දැඩි ලෙස විරුද්ධ විය යුතුය. ආසියාවේ ජනතාව වඩා ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමේ අයිතිය අහිමි කිරීමට කිසිඳු රටකට ඉඩ නොදෙන බව ෂී ජින් පිං මහතා පැවසීය.

        දෙරට අතර ශක්තිමත් මිත්‍රත්වයක් පවතින අතර දෙරට අතර සබඳතාව සැමවිටම යහපත් සංවර්ධන ප්‍රවණතාවක් පවත්වා ගෙන යන බව Lee Hsien Loong මහතා කීය. මෙවර සංචාරය, දෙරට උසස් තත්ත්වයේ ඉදිරි දැක්මක් සහිත විස්තීරණ හවුල්කාරීත්වයට නව ජීව ශක්තියක් ලබා දෙනු ඇති අතර, විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා ප්‍රවර්ධනය කරනු ඇතැයි හෙතෙම බලාපොරොත්තු පළ කර ඇත.

        ගුවන් විදුලිය
        20230404අඟහරුවාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම