<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        චීන ජනපති මැලේසියානු අගමැති හමු වෙයි
        2023-03-31 19:44:03
        Share with:

        චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින මැලේසියානු අගමැති Anwar Ibrahim මහතා හමු වේ.

        එම හමුව අද(31) පස්වරුවේ බෙයිජිංහි මහජන මහ ශාලාවේ පැවැත්විණ.

        මැලේසියාව සමඟ දෙරටේ රාජ්‍ය අංශවල, ව්‍යවස්ථාදායක ආයතන සහ දේශපාලන පක්ෂ අතර හුවමාරු, රාජ්‍ය  පරිපාලන අත්දැකීම් හුවමාරු කිරීම ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටී. අන්‍යෝන්‍ය ගරු කිරීම, අවංක සහ අන්‍යෝන්‍ය විශ්වාසය යන පදනම් මත පොදු ජයග්‍රහණ ලබා ගනිමින් එකිනෙකාගේ අවශ්‍යතාවන් සලකා පාරම්පරික මිත්‍රත්වය තහවුරු කරනු ඇති බව ෂී ජින්පිං මහතා  අවධාරණය කළේය. දෙරටේ ස්වාධිපාත්‍ය ආරක්ෂාව සහ සංවර්ධන ප්‍රතිලාභයන් අන්‍යෝන්‍ය ලෙස ආරක්ෂා කරන අතර සිය රටේ තත්වයන්ට ගැලපෙන සංවර්ධන මාර්ග ‍සොයා ගැනීමට ස්ථිරව සහාය දෙනු ඇත. ඩිජිටල් ආර්ථිකය, හරිත සංවර්ධනය සහ නව බලශක්ති යන ක්ෂේත්‍රවල නව සහයෝගීතා අවස්ථා බිහි කරමින් ජනජීවිත ප්‍රවර්ධනයට සහයෝගිතා සාකච්ඡා වැඩි දියුණු කර චීන-මැලේසියා සබඳතා තුළින් දෙරටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි වනු ඇති බවද ෂී ජින්පිං මහතා පැවසීය. 

        ෂී ජින්පිං මහතා ඉදිරිපක් කළ ගෝලීය ආරක්ෂක යෝජනාව, ගෝලීය සංවර්ධන යෝජනාව, ගෝලීය ශිෂ්ටාචාරයේ යෝජනාව යන යෝජනා තුන ඉතා දූරදර්ශී බව Anwar Ibrahim මහතා එහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ සංකල්පය මැලේසියාවේ "සෞභාග්‍යවත් මැලේසියාව" යන සංකල්පයට බෙහෙවින් අනුකූල වේ. චීනය සමඟ අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම පොළඹවමින් එක් තීරයක් එක් මාවතක් පොදුවේ ගොඩනැගීමේ සහයෝගිතාව ඉදිරියට ගෙන යාම මැලේසියාව අපේක්ෂා කරන බවද Anwar Ibrahim මහතා පවසා ඇත.

        ගුවන් විදුලිය

        英国365bet体育_365bet手机官网_约彩365官旧版本网客户端下载

        20230404අඟහරුවාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම