<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        චීන ජනපති ඉදිරිපත් කළ තෙවැනි ගෝලීය මුලපිරුම
        2023-03-19 19:32:04
        Share with:

        පසුගිය 15 වැනි දා පැවති චීන කොමියුනිස්ට් පක්ෂය හා ලෝක දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදයේ දී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ලොවට ඉදිරිපත් කළා. ලෝක ශිෂ්ටාචාරවල විවිධත්වයට ගරු කිරීමටත්, සමස්ත ලෝකයාගේ පොදු වටිනාකම් ප්‍රචලිත කිරීමටත් ජනාධිපතිවරයා එමගින් යෝජනා කර තිබෙනවා. එසේ ම, ශිෂ්ටාචාරය ඉදිරියට රැගෙන යාම හා එහි නවෝත්පාදනයන් කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, ජාත්‍යන්තර වශයෙන් මානව හුවමාරු  හා සහයෝගිතා තහවුරු කළ යුතු බව ද හෙතෙම එහිදී සඳහන් කළා. මෙම මුලපිරුම, ෂී ජින් පිං ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු තුන්වැනි ගෝලීය මුලපිරුමයි.

        2021 වසරේ, හෙතෙම ජගත් මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයේ දී, ගෝලීය සංවර්ධන මුලපිරුම ඉදිරිපත් කළා. ඊට ජගත් ප්‍රජාවේ සක්‍රිය ප්‍රතිචාර හිමිවුණා. 100 කට අධික රටවල හා ජගත් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක සහාය ඊට හිමිවනවා. රටවල් 70ක් පමණ චීනය විසින් ස්ථාපනය කරනු ලැබූ ‘ගෝලීය සංවර්ධන මුලපිරුමේ මිත්‍ර කණ්ඩායම’ට එක්වීම ද විශේෂත්වයක්.

        英国365bet体育_365bet手机官网_约彩365官旧版本网客户端下载

        වර්තමානයේ ලොව, රටවල් ආරක්ෂාව සම්බන්ධයෙන් මුහුණ පාන අභියෝගයන්ට චීන විසඳුම් සපයමින්, ෂී ජින් පිං මහතා ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉදිරිපත් කළේ 2022 වසරේ දී. ඒ,  Bo’ao ආසියා සංසදයේ වාර්ෂික සමුළුවට එක්වෙමින්.

        චීනයේ උත්තරීතර නායකයා, ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම මෙන් ම ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ඔස්සේ චීන දැක්ම මැනැවින් පිළිබිඹු කිරීම විශේෂත්වයක්. මෙය දෙස්-විදෙස් ඇගයීමට ද ලක් වීම ද කැපීපෙනෙනවා.

        ගුවන් විදුලිය
        20230404අඟහරුවාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම