<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        රටවල් තුනක් සමග වෙළඳ ගිවිසුම් සඳහා සාකච්ඡා
        2023-01-06 15:26:14
        Share with:

        චීනය, තායිලන්තය සහ ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළඹීම සඳහා නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙයි. 2018 වසරේදී අතරමග නවතා දැමුණු සාකච්ඡාවල තුන්වැනි වටය ආරම්භ කිරීම සඳහා තායිලන්ත නිලධාරීන් ලබන 9 වැනිදා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

        ශ්‍රී ලංකාව සමඟ 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක පමණ ද්විපාර්ශ්වික වෙළඳාම් සිදුකළ චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා ලබන පෙබරවාරි,මාර්තු මාසවල ආරම්භ කිරීමට බලාපොරොත්තු වන  බව වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

        පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා වැදගත් ආර්ථික හවුල්කාරීත්වයක් ඇතිකරගැනීම සහ මෙරටට ආයෝජන ලබාගැනීමේ අවස්ථා පුළුල් කරගැනීම මෙම සාකච්ඡාවන්හි අරමුණ බවත්, මේ වසර අගදී හෝ 2024 වසර මුලදී චීනය, තායිලන්තය සහ ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹීම මෙරට ඉලක්කය බවත් වීරසිංහ මහතා පෙන්වා දී ඇත.

         

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම