<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        චීන ජනපති ගෝලීය ජෛව විවිධත්ව පාලනයේ වැදගත්කම අවධාරණය කරයි
        2022-12-16 09:21:50
        Share with:


        චීන ජනාධිපති ෂී ජින්පිං මහතා‘ජෛව විවිධත්ව ගිවිසුමේ’ සාමාජිකයින්ගේ 15වැනි සම්මේලනයේ දෙවන අදියරේ උසස් පෙළේ සමුළුවේ සමාරම්භක උළෙල වෙත වීඩියෝ ආකාරයෙන් දේශනයක් සිදු කළේය.

        එම උළෙල ඊයේ(15) රාත්‍රී කැනඩාවේ Montreal නගරයේ දී පැවැත්විණ. ජෛව ශිෂ්ටාචාර සංවර්ධනය හා ජෛව විවිධත්ව සුරැකීමෙහි සක්‍රීයව නියැළී සිටින චීනයට, තමාට අනන්‍ය වූ ජෛව විවිධත්ව ක්‍රමවේදයක් ගොඩනගා ගැනීමට හැකි වී තිබෙන බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ ‘ජෛව පද්ධතිය පුනරුත්ථාපනය කිරීම පිළිබඳ දශකයේ ක්‍රියා සැලැස්ම’ට ප්‍රතිචාර දක්වමින් අදාල ජාත්‍යන්තර හුවමාරු හා සහයෝගතා පුළුල් කිරීමට චීනය කටයුතු කරනු ඇත. විශේෂයෙන් ‘එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර හරිත සංවර්ධන සන්ධානය’ හා ‘කුන්මිං ජෛව විවිධත්ව අරමුදල’යන යාන්ත්‍රණ මගින්, සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය හා අනුබලය දැක්වීමෙහි චීනය නිරත වේ. එසේම ගෝලීය ජෛව විවිධත්ව පාලනය නව තලයකට නංවාලීමට චීනය වෑයම් දරන බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත. 

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම