<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        චීන ජාතිකාරක්ෂක ඇමතිවරයා සහ ඇමරිකානු ජාතිකාරක්ෂක ලේකම්වරයා අතර සාකච්ජාවක්
        2022-11-22 16:57:23
        Share with:

        කා‍ම්බෝජයේ පැවැත්වෙන, ආසියාන් සංගමයේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ 9 වැනි රැස්වීමට සහභාගි වන චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා ජාතිකාරක්ෂක ඇමති Wei Fenghe මහතා, ඇරයුමක් අනුව ඇමරිකානු ජාතිකාරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡාවකට එක්වෙයි. එය අද (22) පැවැත්විණ.

        චීන-ඇමරිකානු සබඳතාවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වගකීම පැවරෙන්නේ චීනයට නොව ඇමරිකාවට ය. දෙරට සහ දෙරට හමුදා අතර සබඳතා වර්ධනයට චීනය ප්‍රමුඛ වැදගත්කමක් ලබාදෙයි. එමෙන්ම ඇමරිකාව ද චීනයේ මූලික අවශ්‍යතාවලට ගරු කළ යුතු  බව Wei Fenghe මහතා පෙන්වා දෙයි. ඇමරිකානු පාර්ශ්වය තම පොරොන්දුව ඉටු කර, රාජ්‍ය නායකයන් දෙදෙනා විසින් ඇති කර ගත් එකඟතාව ක්‍රියාවට නංවමින් චීනය සම්බන්ධයෙන් තාර්කික හා ප්‍රායෝගික ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. ද්විපාර්ශ්වික සබඳතා සවිමත් සහ ස්ථාවර සංවර්ධන මාවතකට යොමුවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද Wei Fenghe මහතා පැවසීය.

        තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතාවල හරය වන අතර, චීන-ඇමරිකානු සබඳතාවල තීරණාත්මක සාධකය ද වේ. තායිවාන ප්‍රශ්නය විසඳීම චීන ජනතාවගේම ව්‍යාපාරයක් වන අතර, කිසිදු බාහිර බලවේගයකට ඊට මැදිහත් වීමට අයිතියක් නැතැයි Wei Fenghe මහතා අවධාරණය කළේය.

        ජාත්‍යන්තර සහ කලාපීය තත්ත්වය, යුක්රේන අර්බුදය, දකුණු චීන මුහුද සහ කොරියානු අර්ධද්වීපයේ ගැටලුව පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගත්හ.

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම