<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        චීන - ඇමෙරිකානු ජනපතිවරුන්ගේ හමුව, දෙරට සබඳතා වර්ධනය සඳහා පැහැදිලි දිශානතියක් දක්වා ඇතැයි චීනය කියයි
        2022-11-15 10:17:39
        Share with:

        චීන - ඇමෙරිකානු ජනාධිපතිවරුන්ගේ හමුවෙන් පසු, චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය වං යී මහතා මාධ්‍යවේදීන් හමුවෙයි.

        ඇමෙරිකාවේ යෝජනාවක් අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඊයේ (14) ඉන්දුනීසියාවේ බාලි හිදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමඟ මුහුණට මුහුණ හමුවක් පැවැත්වූ බව වං යී මහතා පැවසීය. චීන - ඇමෙරිකානු සබඳතා මෙන්ම ලෝක සාමය සහ සංවර්ධනය සඳහා වූ අපේක්ෂාවන් හා බැඳුණු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් දෙරටේ නායකයින් මෙහිදී අවංක ව, ගැඹුරින් සාකච්ඡා පවත්වා ඇත.

        චීන - ඇමෙරිකානු සබඳතාවල ගෝලීය වැදගත්කම කෙරෙහි නායක දෙපළ පුළුල් අවධානයක් යොමුකරන බවත්, එම සබඳතාවල මාර්ගෝපදේශ මූලධර්ම ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කරන බවත් වං යී මහතා පැවසීය. එසේම, ද්විපාර්ශ්වික සබඳතාවන්හි ස්ථාවරත්වය ප්‍රවර්ධනයට ජනපතිවරුන් දෙපළ අපේක්ෂා පළකළ අතර, සන්නිවේදනය ශක්තිමත් කිරීමට සහ ප්‍රායෝගික සහයෝගිතාව නැංවීමට ද එකඟ වී ඇත. මෙය ඉදිරි කාලපරිච්ඡේදයේ දී චීන - ඇමෙරිකානු සබඳතා වර්ධනය සඳහා පැහැදිලි දිශාවක් සකසා ඇති අතර, ද්විපාර්ශ්වික සබඳතා ක්‍රමානුකූලව ශක්තිමත් සහ ස්ථාවර මාවතකට යොමුකිරීමට ද උපකාරී වනු ඇතැයි වං යී මහතා කියාසිටී.

        දෙරට සබඳතා නිර්වචනය කිරීම සඳහා තරඟය යන්න භාවිත කළ නොහැකි බව මනාව තහවුරු වී ඇති බවත්, චීනය සහ ඇමෙරිකාව සඳහා සෑමවිටම හොඳම තේරීම වන්නේ සහයෝගිතාව බවත් විදේශ ඇමතිවරයා පෙන්වාදෙයි. චීන - ඇමෙරිකානු සහයෝගිතාව සියලු පාර්ශ්වයන්ට ප්‍රයෝජනවත් වන අතර, එය චීනය, ඇමෙරිකාව සහ සමස්ත ලෝකයටම ජයග්‍රාහී අනාගතයක් විවෘත කරයි.

        ගැඹුරු සන්නිවේදනය, ගැටුම් වැළැක්වීම සහ සහයෝගිතා ගවේෂණය කිරීමේ අපේක්ෂිත අරමුණු මෙවර හමුවෙන් සාක්ෂාත් කර ගැනුණු බව වං යී මහතා පැවසීය.

        ගුවන් විදුලිය
        20230405බදාදා

        英国365bet体育_365bet手机官网_约彩365官旧版本网客户端下载

        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම