<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී මානව හිමිකම් කවුන්සිලයේ නව සාමාජිකයින් 14 ක් තෝ‍රා ‍ගැනේ
        2022-10-12 10:27:50
        Share with:

        英国365bet体育_365bet手机官网_约彩365官旧版本网客户端下载

        77වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පූර්ණ රැස්වීම ඊයේ(11) පැවැත්විණ.

        වසර අවසානයේ ධූර කාලය අවසන් වන සාමාජිකයන් වෙනුවට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නව සාමාජිකයින් 14 ක්, මෙම සමුළුවේ දී තෝරා පත් කර ගැනිණ. නව සාමාජිකයින් 2023 ජනවාරි 1 වන දින සිට සිය ධුර කාලය ආරම්භ කරනු ඇත.

        අප්‍රිකානු කලාපයෙන් ඇල්ජීරියාව, මොරොක්කෝව, දකුණු අප්‍රිකාව සහ සුඩානය තේරී පත්වී ඇත. ආසියා-පැසිෆික් කලාපයෙන් බංග්ලාදේශය, කිර්ගිස්තානය, මාලදිවයින සහ වියට්නාමය තේරී පත්ව ඇති අතර නැගෙනහිර යුරෝපයෙන් ජෝර්ජියාව සහ රුමේනියාව තෝරා ‍‍‍ගෙන ඇත.ලතින් ඇමරිකාව සහ කැරිබියන් කලාපයෙන් චිලී රාජ්‍යය සහ කොස්ටාරිකාව,මෙන්ම බටහිර යුරෝපය හා සෙසු කලාප වෙනුවෙන් බෙල්ජියම සහ ජර්මනිය තේරී පත්වී ඇත. ඒ අතරින් සුඩානය සහ ජර්මනිය නැවත තේරී පත්වී ඇත.

        එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ආසන සංඛ්‍යාව 47 කි. ඒ අතරින් ආසියා පැසිෆික් කලාපයට සහ අප්‍රිකානු කලාපයට ආසන 13 බැගින් හිමි වේ. ලතින් ඇමරිකාවට සහ කැරිබියන් දූපත්වලට හිමි ආසන ගණන 8කි.නැගෙනහිර යුරෝපයට ආසන 6 ක්  අයත්වන අතර, බටහිර යුරෝපය සහ සෙසු කලාපවලට ආසන 7ක් හිමි වේ.

        එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සෑම වසරකම මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින් ගෙන් තුනෙන් එකක් වාරික ක්‍රමයට වෙනස් කරයි. සාමාජික කාලය වසර 3 ක් වන අතර, එක් වරක් නැවත තේරී පත් විය හැකිය.

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම