<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවලට එල්ල කෙරුණු ඇමරිකානු පීඩනයන් ව්‍යර්ථ වෙයි
        2022-10-07 16:48:18
        Share with:

        ඇමරිකාව, ඛනිජ තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවලට එල්ල කළ පීඩනයන් ව්‍යර්ථ වෙයි.

        ඛනිජ තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් බොර තෙල් සැපයුම අඩු කරන බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඒ පිළිබඳව සිය කණස්සල්ල පළ කළේ ය.

        මීට පෙර, ඇමරිකානු රජය එවැනි රටවලට පීඩනය එල්ල කරමින් බොර තෙල් සැපයුම අඩු නොකරන ලෙසට බලපෑම් කර ඇති බව ඇමරිකාවේ CNN ආයතනය ඉකුත් 5වැනි දා වාර්තා කළේ ය.

        ගතවූ සති කිහිපය තුළ, බොර තෙල් සැපයුම අඩු කිරීමට විරුද්ධ ව ඡන්දය ප්‍රකාශ කිරීමට පොළඹවා ගැනීම සඳහා බයිඩන් රජය සිය බලශක්ති, ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ උසස් පෙළේ නිලධාරීන්, කුවෙට් රාජ්‍යය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැද පෙරදිග රටවල‍ට යොමු කරමින් සාකච්ඡා පවත්වා  ඇති බව  CNN ආයතනයේ වාර්තාවේ දැක්වෙයි.

        ඇමරිකාවේ The New York Times පුවත්පත පසුගිය 5වැනි දා ලිපියක් මගින් පෙන්වා දුන්නේ එම ඛනිජ තෙල් නිෂ්පාදන ප්‍රධාන රටවල් බොර තෙල් සැපයුම අඩු කිරීමට ගත් තීරණය මගින් ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වල අසාර්ථකත්වය පිළිබිඹු කෙරෙන බවයි.

        ගුවන් විදුලිය
        20230405බදාදා
        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම