<legend id="h4sia"></legend><samp id="h4sia"></samp>
<sup id="h4sia"></sup>
<mark id="h4sia"><del id="h4sia"></del></mark>

<p id="h4sia"><td id="h4sia"></td></p><track id="h4sia"></track>

<delect id="h4sia"></delect>
  • <input id="h4sia"><address id="h4sia"></address>

    <menuitem id="h4sia"></menuitem>

    1. <blockquote id="h4sia"><rt id="h4sia"></rt></blockquote>
      <wbr id="h4sia">
    2. <meter id="h4sia"></meter>

      <th id="h4sia"><center id="h4sia"><delect id="h4sia"></delect></center></th>
    3. <dl id="h4sia"></dl>
    4. <rp id="h4sia"><option id="h4sia"></option></rp>

        ඇමරිකාව මානව හිමිකම් ආරක්ෂා කිරීම කට වචනයට පමණක් සීමා නොකර ප්‍රායෝගික පියවර ගත යුතුය
        2021-03-22 19:20:35
        Share with:

        ඇමරිකාව මානව හිමිකම් ආරක්ෂා කිරීම කට වචනයට පමණක් සීමා නොකර ප්‍රායෝගික පියවර ගත යුතුය_fororder_TIM图片20210322191937

        ඇමරිකානු දේශපාලනඥයන්ට සුළු ජනවර්ගයන් ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන කථා කිරීමට ධෛර්යයක් නොමැත.

        පසුගිය සති අන්තයේ, ඇමරිකාවේ  බොහෝ ස්ථානවල ආසියානු ජාතිකයන් ඉලක්ක කර ගත් වෛරයට එරෙහි උද්ඝෝෂණ පැවැතිණ. කෝපයට පත් ජනතාව පාරට බැස, "වෛරය වෛරසය" යන සටන් පාඨය කියමින්, මෑතදී ඇට්ලන්ටා සම්බාහන මධ්‍යස්ථානවල වෙඩි තැබීම්වලට සහ ඇමරිකාවේ  "ආසියානු වෛ‍රී" අපරාධ ක්‍රියා වැඩිවීමට  එරෙහිව විරෝධය පළ කළහ.

        ආසියානු ඇමරිකානුවන්ට එරෙහි වෛරය මැඩපැවැත්වීම සඳහා ඇමරිකා සංවිධානය විසින් පසුගිය16 වන දින නිකුත් කරන ලද වාර්තාවකට අනුව, 2020 මාර්තු 19 සිට 2021 පෙබරවාරි 28 දක්වා ඇමරිකාවේ ආසියානු ඇමරිකානුවන්ට එරෙහි වාර්ගික වෙනස්කම් 3795 ක්  සිදුව ඇති  බව  වාර්තා කළේ ය.

        ඇමරිකාව සංක්‍රමණික රටකි. ආසියානු ඇමරිකානුවන් ඉතිහාසයේ එහි සංවර්ධනයට වැදගත් දායකත්වයක් ලබා දී ඇත. COVID-19 පැතිර යාමෙන් පසුව, ඇමරිකානු ජනතාවගේ ජීවිත හා සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා වසංගත රෝගවලට එරෙහි අරගලයට මිලියන ගණනක් ආසියානු වෛද්‍ය කාර්ය මණ්ඩලය සහභාගී වී සිටිති. නමුත් දැන් ආසියානු ඇමරිකානුවෝ වෛරී අපරාධවල බරපතල තර්ජනයකට මුහුණ දී සිටිති.

        පසුගිය ඇමරිකා රජය චීනය පිළිබඳ කටකතා පතුරුවා හැරීම සහ දේශපාලන ආත්මාර්ථකාමීත්වය මත වාර්ගික වෛරය අවුලුවාලීම ඊට සෘජු හේතුවයි.

        ඇමරිකාවේ ආසියානු ඇමරිකානුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයන් නිරන්තරයෙන් සිදුවීම  කොරෝනා වසංගතය ආසියාවට සම්බන්ධ කරගැනීමෙන් ඇති වු  ජාතිවාදයක්  බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටරෙස් මහතා මෑතකදී පෙන්වා දුන්නේය.

        වර්තමානයේ ඇමරිකාවේ මානව හිමිකම් අඛණ්ඩව පිරිහීමේ තත්ත්වය ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානයට ලක් ව තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී රටවල් 116 ක නියෝජිතයියෝ සහ අදාළ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන ඇමරිකාවට මානව හිමිකම් වැඩිදියුණු කිරීම් යෝජනා 347 ක් ඉදිරිපත් කළහ. මෙය ඇමරිකාවේ මානව හිමිකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව විසින් කරන ලද සාමූහික ආයාචනයකි.

        මානව හිමිකම් ආරක්ෂා කිරීම කට වචනයට පමණක් සීමා නොවිය යුතුය.ඇමරිකානු දේශපාලනඥයින් මෙම මානව හිමිකම් වැඩිදියුණු කිරීම් යෝජනා හොඳින් කියවා හැකි ඉක්මනින් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත යුතුය.

        වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
        සබැඳුම
        අපි ගැන